ජනවාරි මාසය මැද පමණ වන විට රට තුළ විදුලි අර්බුදයක් ඇති වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
එහි ලේකම් ධම්මික විමලරත්න මහතා සඳහන් කරන්නේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා විදුලි ඉංජිනේරුවන් සැලසුම් ඉදිරිපත් කලත් එය නොසලකා කටයුතු කිරීම මත මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.
එමෙන්ම රටේ බොරතෙල් ආනයනය නැතිවීමෙන් ඉන්ධන මගින් ක්රියාත්මක වන විදුලි බලාගාර නතර වීම මත මෙම විදුලි අර්බුදය තවදුරටත් තීව්ර වනු ඇති බව ද ඔහු කියා සිටියේය.