ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී අදට වසරක් සපිරෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් 16 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් හැට නව ලක්ෂයකට අධික ජනතා වරමක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය වසරේ අද වැනි දිනක අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති උත්සවයකදීයී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට සමාජ, ආර්ථික සහ දේශපාලන යන සෑම ක්ෂේත්රයකම වැදගත් පරිවර්තන රැසක් සිදු කළ වසරක් ලෙස ගෙවී ගිය වසර හැඳින්විය හැකියි.
ඒ අනුව පදවි ප්රාප්තියේ වසරක් සපිරෙන අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්රකාශය පහතින්…