Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29) කොළඹ දී විවෘත කර තිබේ.

ඒ ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසුවේ.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා තිබෙනවා.