Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

කොළඹ වරායට සේන්දු වූ මයින්ස්වීපර් වර්ගයට ‘යුර්ගා’ නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130 ක ගෙන් සමන්විත වන අතර මයින්ස්වීපර් වර්ගයට අයත් ‘හරාඩෝ’ නෞකාව දිගින් මීටර 67 ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වේ.

මෙම ජපන් යුද නෞකා ද්විත්වය පසුගිය පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා පෙළ ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.

එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් හෙට 03 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.