ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබුණි.
පද්මකුමාර මහතා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් පැවසීය.අභාවප්‍රාප්ත වනවිට ඔහු 71වැනි වියේ පසුවිය.
මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ දැවැන්ත චරිතයකි.
මාධ්‍යවේදියකු වනවාට අමතරව චිත්‍රපට කලාවෙහිද නිරතවූ බන්දුල පද්මකුමාර මහතා පත්තර මහගෙදර වන ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කාලයක් සේවය කළේය.