Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වෛරසයට ඖෂධයක් සොයාගත් බවට ප්‍රකාශ කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමති කපු මහතා පිළිබඳව එක්සත් රාජධානියේ පුවත් සේවයක් වන “The Sun” වාර්තා කර තිබෙනවා.

දෙවි කෙනෙකුන් විසින් තමාට ලබා දුන් වට්ටෝරුවකට අනුව සකසන ලදැයි පවසන ඔහුගේ ඖෂධය ලබා ගැනීමට සෞඛ්‍ය උපදෙස් නොසලකමින් අති විශාල පිරිසක් ඔහුගේ නිවස අසල එක් රැස්ව සිටීම පිළිබඳව පුවත ඔවුන් විසින් පළකර තිබෙනවා.

මෙම පුවතේදී ඔවුන් ධම්මිකව හඳුන්වා දී තිබුණේ “දෙවියන්ගෙන් ලද විනාශය” ලෙසයි.

කෙසේ නමුත් මෙම පුවත වෙනුවෙන් එම පුද්ගලයාගේ ඡායාරූපයක් වෙනුවට ප්‍රවීණ ගීත රචකයෙකු වන ධම්මික බණ්ඩාර මහතාගේ ඡායාරූපයක් අදාළ පුවත් සේවය යොදාගෙන තිබෙනු දක්නට ලැබුණා.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් වි තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්