Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ජාතික ගීය ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මාණය කළ අයුරින්ම ලබන වසරට යෙදෙන 75 වන ජාතික දිනයේදී ගායනා කරන ලෙස මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් ඉල්ලා සිටියා.

මිහින්තලය පූජා භූමිය අවට ඉදිකර ඇති වෙළදසැල්වලට පිවිසෙන මාර්ගය පසුගිය කාලසීමාවේදී වසා දැමීමට බලධාරින් පියවර ගැනීම පිළිබඳව මිහින්තලයේ පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

ජාතික ගීය වෙනස් කිරීම නිසා සමරකෝන් ශූරීන් සියදිවි නසාගත් බවත් සමරකෝන් ශූරින් නිර්මාණය කළ ජාතික ගීයට සාධාරණයක් ඉටු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

1 Comment

  • Laksiri Abayagunaratne, 2022-10-29 @ 5:38 PM Reply

    Very important One decision out of many corrective actions that country has to take even neglected for many decades

Leave a Reply

Your email address will not be published. Required fields are marked *