Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.

රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (17) පෙරවරුවේ පැමිණි විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පිරිසක් විසින් අදාළ විදුලිය සිඳලීම සිදු කළ බවයි.

රුපියල් මිලියන ගණනාවක් වන රූපවාහිනී සංස්ථා විදුලි බිල නො ගෙවීම මීට හේතු වී ඇති බවයි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ රූපවාහිනී සංස්ථාවේ නිලධාරියක් කියා සිටියේ, මේ වන විට නාලිකාවේ විකාශ කටයුතු ආදේශක බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් සිදු කෙරෙන බව‍යි.

කෙසේ වෙතත් මේ වන විටත් රූපවාහිනී සංස්ථා බලධාරීන් විසන්ධි කරන ලද විදුලි බලය නැවත යථාවත් කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වනවා.

1 Comment

  • Nihal Weerakoon Rathnayake, 2022-10-17 @ 10:42 PM Reply

    ඔය මට ප්‍රසාද දීමනා 1919 නොගෙවීමේ පාපය පළ දීමේ ප්‍රථිඵල තමයි. දැන් ඒ මුදල් උසාවියට ගෙවා ඇති නිසා, මා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර විදුලිය සක්‍රීය කර දීමට බලන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *