Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලට ලබාදී තිබූ රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක පෞද්ගලික ඔසුසල්වලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඖෂධ හිඟයක් දිනපතා පවතින බවට රෝහල් පරිපාලනයට පැමිණිලි ලැබී තිබුණි.

ඒ පිළිබඳ අවධානය යොමුකළ සෞඛ්‍ය බලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද මේ පිළිබඳ දැනුම් දී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සුළු සේවකයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ අතර ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ සේවය අත්හිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කර ඇත.

මෙම ඖෂධ තොගය අලෙවි කළ පෞද්ගලික ඔසුසල්ද සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *