ජාතික වැටුප් ප්රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ වෘත්තිය සමිතිවලින් යෝජනා ලැබී තිබෙනවා.
ජාතික වැටුප් ප්රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලින් අදහස් හා යෝජනා විමසීමට ජාතික වැටුප් කොමිෂන් සභාව පසුගියදා පියවර ගැනීමත් සමඟ මෙම යෝජනා ලැබී තිබෙනවා.
එසේ ලැබුණු යෝජනා ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් සමාලෝචනය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනූව ජනාධිපතිවරයා විසින් ගත් තීරණයකට අනුව ජාතික වැටුප් ප්රතිපත්තියක් සකස් කිරීම, එය ක්රියාත්මක කිරීම, රජයට උපදෙස් ලබාදීම සහ සහාය වීම සඳහා මෙම කොමිසම පත් කර තිබෙනවා.