Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය අදාළ තනතුරට මෙසේ පත්කර තිබේ.

ඇය හෙට (28) දිනයේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇතැයි ද පැවසේ.

ඇය වියත් මග සාමාජිකාවක් බවද වාර්තා වේ. වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන්ය.

මීට පෙර එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අලි පැටවුන් සොරකම් කර නීති විරෝධී ලෙස ළඟ ලබා ගත් බවට චෝදනා ලැබුවන්ටම, අලි පැටවුන් නිදහස් කරන ලෙස පසුගිය දා අධිකරණය විසින් ලබාදී තිබූ නියෝගයක් සම්බන්ධයෙන් ඇතිකරගත් ගැටුමක් මත ඇය ඉන් ඉල්ලා අස්විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.