Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අලි බබා ව්‍යාපාරයේ නිර්මාර්තෘ, ජැක් මා, සති කිහිපයක සිට කිසිදු ප්‍රසිද්ධ මහජන හමුවක පෙනී සිට නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ තත්ත්වය මත, ජැක් මා අතුරුදන්ව ඇති බවට සැක කරන තත්ත්වයක් උදා වී තිබේ.
නැගී එන ව්‍යවසායකයන් වෙනුවෙන් පවත්වන රියැලිටි වැඩ සටහනක විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජැක් මා සහභාගී විය යුතුව තිබුන ද, ඔහු ඒ සදහා ද සහභාගී වී නැත.

ජැක් මා, පසුගිය ඔක්තෝබර් මාසයේ දි, චීන පාලන තන්ත‍්‍රය විවේචනයට ලක් කර තිබේ. චීන බැංකු පද්ධතිය, ව්‍යාපාරිකයන්ට ඇති අවස්ථාවන්ට බාධා කරන බව, ව්‍යාපාරික හමුවක දී ජැක් මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයෙන් පසුව, චීන කොමියුනිස්ට් පක්ෂය, ජැක් මා සහ ඔහුගේ ව්‍යාපාර ජාලය පිළිබදව විශේෂ සෝදිසියකින් පසු ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *