Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය දා තායිලන්තයේදී පැවති Miss Grand International 2020 තරඟාවලියට රටවල් 63ක සුරූපිනියන් සහභාගී වූ අතර එහිදී මියන්මාර නියෝජනය කළ සුරූපිනියක් තම රටේ මිලිටරි පාලනය විසින් සිදුකරමින් යන සංහාරය පිළිබඳ කතා කරමින් හඬා වැටුනාය.

මේ වනවිට තරඟය අවසන් වුවත් ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ මිලිටරි රජය⁣ට එරෙහිව කතා කිරීම හේතුවෙන් රජය විසින් ඇයටත් ඇගේ පවුලේ සැමටත් ජීවිත තර්ජන එල්ල කර ඇත.

රජය විසින් මාධ්‍යවේදීන් සිරගත කරමින් මරාදමින් සිටින මොහොතක ඇය ජීවිතය නොතකා රට වෙනුවෙන් හඬ අවදි කලාය.

ජීවිතය පරදුවට තබා ඇය ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ කල කතාවේ සිංහල පරිවර්තනය මෙසේය.

සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි! මගේ ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳින මගේ ආදරණීය රට වැසියන්ගේ ශෝකය සහ පීඩනය මේ රාත්‍රියේ මම මේ වේදිකාවේ සිටගෙන ඔබව අමතන්නට හේතු උනා. වීදිමත ජීවිත අහිමි වුනු ජනතාව ගැන මම ඉතාමත් කණගාටුවට පත් වෙමි. ලෝකයේ සෑම පුරවැසියෙක්ම තම රටේ සමෘද්ධිය සහ සාමකාමී වාතාවරණය අපේක්ෂා කරයි. එසේ කිරීමේදී නායකයින් ඔවුන්ගේ බලය සහ ආත්මාර්ථකාමිත්වය තම ආඩම්බරයට ගොඩනගාගැනීමට පාවිච්චි නොකල යුතුයි. අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ කාන්තාවන් සහ ළමා ජීවිතයන් අපිට අහිමිව තිබෙනවා.

තත්වය මෙලෙසම සිදුවන්නේ නම්, ලොව පුරා සිටින ජනතාව විසඳුමක් සොයාගෙන ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කලයුතු යැයි සිතනවා.

මං අද මේ වේදිකා⁣වේ සිට කතා කරන්න හේතුව ⁣මගේ රටේ මිනිසුන් 100 කට වැඩි පිරිසක් දවසකට මිය යමින් සිටිනවා. ජීවිත අහිමිවූ ජනතාව ගැන මම ඉතාම කණගාටු වෙමි. මියන්මාරයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීථියේ පාගමන් යමින් සිටිනවා. මමත් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්.

මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර අවධාන ලබාගැනීම සඳහා මට මේ වටිනා අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් මම miss grand international සංවිධානයට බෙහෙවින්ම ස්තුති කරනවා.
මියන්මාරයට උදව් අවශ්‍යයි. අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.
වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට නව පරම්පරාව ලෙස අපිට වගකීමක් ඇත. ලෝකයටත් මියන්මාරයටත් සාමය උදා වේවා !

ඇය ඇයගේ කතාව අවසන් කලේ මයිකල් ජැක්සන් ගේ “Heal the world” ගී කොටසක් ගයමිනි.

එම වීඩියෝ පහළින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *