Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Update 2021-05.28 12.45 PM

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත. මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සැපයීමට නියමිතය.

යුද හමුදාපති තුමන් මෙම නිවේදනය නිළ වශයෙන් මිට සුළු මොහොතකට පෙර නිවේදනය කල අතර, අප වෙත ලැබුණු නිළ නොවන ආරංචි මාර්ග යටතේ අදාළ පුවත මිට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා. ඊට අදාළ පුවත පහලින්,


Previous Update : 2021-05-27 10:15 AM

25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල් නොකිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ජූනි 07 දක්වා නියම කර ඇති සංචරණ කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට 25, 31 සහ 04වැනි දා සංචාර සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබුණේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසිනි.

නමුත් 25 වැනිදා ජනතාවගේ හැසිරීම හේතුවෙන් 07 දා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය අවධානය දැඩිව යොමුව තිබේ.

ඒ හේතුවෙන් නිවෙස් වල සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මෙම නව තීරණය නුදුරේදිම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *