ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව පුද්ගලයින්ගේ උපතේ සිට විපත දක්වා සියලු දත්ත පරිගණකගත කරන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්ලිව් එම්.එම්.බී. වීරසේකර මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ යටතේ දැනට පවතින උප්පැන්න සහතික ද යාවත්කාලින කර නව ජාතික උප්පැන්න සහතිකයක් ලබා දෙන බවයි.