Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තමන් අඩංගුවටගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

මෙම පෙත්සම අද (09) සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මහතා මෙම ඉල්ලීම කර තිබුණි.

ඔහු සඳහන් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කළ බවය.

එම නිසා මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

පෙත්සම සලකාබැලීම මේ වනවිට ආරම්භ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *