Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෙළඳ අමාත්‍යවරයාව සිටිය දී සතොස සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් ලක්ෂ 59කට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (10) අධිචෝදනා භාරදුන්නා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

හිටපු අමාත්‍යවරයාට අමතරව අධිචෝදනා මෙලෙස භාරදෙනු ලැබුවේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර්ටයි.

ඊට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි මෙහිදී විත්තිකරුවන්ගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *