Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඇති බව අප වාර්තාකරු පවසයි.

ඔහුගේ නිල නිවස මහරගම ප්‍රදේශයේ පිහිටා තිබේ. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය අද (09) නියම කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00ට පෙර අධිකරණයට භාරවන ලෙසය.

එතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙස ද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහි දී නියෝග කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *