Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අතිශයින් සංචාරක ආකර්ෂණයට පාත්‍ර වුණු ඉන්දියාවේ, අග්‍රාහි පිහිටි ටජ් මහල කෙටි කාලයකට වසා දමා එහි සිටි සංචාරකයින් ඉවත් කිරීමට අද (4) උදෑසන පොලිසිය කටයුතු කර තිබේ.

ටජ් මහලේ බෝම්බයක් ඇති බවට උත්තර ප්‍රදේශයේ පොලිසියට ලද දුරකතන ඇමතුමක් මත මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ තොරතුර මත බලධාරීන් බෝම්බය සොයා පරීක්ෂණ කර ඇති අතර කෙසේ වෙතත් එහිදී බෝම්බයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව, ටජ් මහල නැවතත් පෙරවරු 11.00ට පමණ නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර දුරකතන ඇමතුම ලබා දුන්නේ කවුරුන් ද යන වග සෙවීමට පොලසිය කටයුතු කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ව්‍යාජ දුරකතන ඇමතුම උත්තර ප්‍රදේශයේ, ෆිරෝසාබාද් ප්‍රදේශයෙන් ලැබී ඇති බවට හඳුනා ගෙන ඇති බව ය.

“අද උදේ, නාඳුනන පුද්ගලයෙක්ගෙන් දුරකතන ඇමතුමක් ආවා ටජ් මහලේ බෝම්බ පිපිරීමක් වේවි කියලා. ඒ වෙලාවේ ම බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ අනෙක් කණ්ඩායම් ඒ පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. කොහොමත් වුණත් මේ තාක් අපේ කණ්ඩායම් එහෙම දෙයක් තිබුණා කියලා තොරතුරු දීල නෑ,” අග්‍රාහි පොලිස්පති සතිෂ් ගනේෂ් මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“99% ක් ම මම තහවුරු කරනවා මේක ව්‍යාජ ඇමතුමක් කියලා. කොහොම වුණත් අපි සෝදිසියෙන් ඉන්නවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *