අයර්ලන්තයේ හිටපු ජනපතිනි (1990 – 97) ප්‍රකට නීතිවේදිනී මේරි රොබින්සන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
අමෙරිකාවේ ජනපති තරගයෙන් පරාජයට පත්වී ඇති බව දැන දැන තවමත් ජයග්‍රහණයක් වෙනුවෙන් සිහින මවමින් අනවශ්‍ය සටනක නියැළෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදයට පටහැණි හැසිරීමක නිරතවන බවත් ඔහුගේ මෙම හැසිරීම සමාන වන්නේ ලංකාවේ කෙන්යාවේ හෝ සිම්බාබ්වේ වැනි රටවල නායකයන්ගේ හැසිරීමකට බවත් ඇගේ ප්‍රකාශයයි.
අයර්ලන්තයේ සුවිශේෂ පිළිගැනීමක් ඇති විද්වතෙකු වශයෙන්ද සැලකෙන හාවර්ඩ් නීති සරසවියේ උපාධිධාරිනියක වන ඇය නිරතුරුව සමාජ විවරණ සිදු කරන්නියකි.
‘අයිරිෂ් පොස්ට්’ පුවත්පත ඇය කළ මෙම ප්‍රකාශය වාර්තා කර තිබුනේ මෙසේය.
අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනි මේරි රොබින්සන් එක්සත් ජනපද මැතිවරණයෙන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය විවේචනය කර තිබේ. ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම “කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල අස්ථාවර හා ප්රජාතන්ත්ර විරෝධී තත්වයන්” සමඟ ඇය සැසඳුවාය.
ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව රොබින්සන් මහත්මිය පැවසුවාය.
Mary Robinson compares Donald Trump’s refusal to accept election defeat with ‘undemocratic situations’ in Zimbabwe
She compared his refusal to concede defeat with the “volatile and undemocratic situations in states such as Kenya, Sri Lanka and Zimbabwe.” s Robinson added that she was deeply concerned at Trump’s refusal to respect the democratic transition of power, calling his behaviour “shocking.”