Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Tarzan in Manhattan (1989) සිනමා පටයේ ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වූ ජෝ ලාරා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෞද්ගලික ජෙට් යානයක ගමන් ගනිමින් සිටියදී පසුගිය සෙනසුරාදා සිදු වූ අනතුරකින් ජෝ ලාරා, ඔහුගේ බිරිඳ හා තවත් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘Cessna Citation 501’ නම් යානයෙන් ගුවන්තොටුපලෙන් පිටත්ව කෙටි වෙලාවකින් පසු ඇමෙරිකාවේ නෂ්විල් ප්‍රදේශයට ආසන්නයේදී අනතුර සිදුව ඇතැයි එරට බලධාරීන් පවසයි.

යානය අනතුරට ලක් වූ හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධ විමර්ශන සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58කි.

1996-1997 කාල සීමාවේ විකාශය වූ Tarzan: The Epic Adventures රූපවාහිනී කතා මාලාවේ ටාසන්ගේ චරිතයට පණ පෙව්වේ ද ජෝ ලාරා ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *