ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයේ දී පන්දුව ආරක්ෂක හිස්වැසුමේ වැඳීමෙන් ක්රීඩකයෙකු රෝහල් ගතකර තිබෙනවා.
තරගයේ විසිතුන්වන පන්දුවාරයේ හතරවන පන්දුවට ශ්රී ලංකා ටෙස්ට් නායක දිමුත් එල්ල කළ පහර ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙරමි සොලොසනෝගේ ආරක්ෂක හිස්වැසුමේ වැඳීමෙන් ඔහුව එලෙස රෝහල් ගතකර තිබෙනවා.
අනතුරුව ඔහුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවේය.
ටෙස්ට් වරම් හිමිකර ගනිමින් ජෙරමි සොලොසානෝ සහභාගී වූ පළමු ටෙස්ට් තරගය මෙය වනවා.