Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ටොම් මූඩි පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

වසර 03ක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

2005 වසරේ සිට 2007 වසර දක්වා ටොම් මූඩි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම සමයේ ශ්‍රී ලංකා පිල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිල 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයටද සුදුසුකම් ලැබුවේ ද ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදීයි.

ක්‍රිකට් විචාරකයින්ගේ අදහස වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාවේ ක්‍රිකට් පුහුණු කටයුතුවල නිරත වූ ටොම් මූඩි වත්මන් පුහුණුකරු මිකී ආතර් සමඟ සුසංයෝගයක් තනනු ඇති බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *