Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී ඇත.එම ආසාදිතයින් දෙදෙනා ක්‍රීඩකයින් වන බවද මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ මෙම ආසාදිතයින් දෙදෙනා හමු වූයේ ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම ආසාදිතයා සොයා ගැනීමෙන් දිනකට පඩුවයි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට තවත් දින 05ක් තිබෙන අතර එවැනි අවස්ථාවක ක්‍රීඩකයන් මෙලෙස වෛරසයට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයක් බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල කොරෝනා වසංගතය නිසා මේ වසරට කල් දමා ඇති අතර එය අගෝස්තු 08 වන දින තෙක් පැවැත්වීමට නියමිතයි.

.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *