නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කර ආරක්ෂක කලාපයක් වීඩියෝ කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (13) උදෑසන වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා යුද හමුදා සිව්වන බල ඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශවල දී අදාළ පුද්ගලයින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝනයක් මගින් වීඩියෝගත කිරීමක් සිදුකර ඇති බවය.
ඒ අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඒ බව දැනුම් දීමෙන් පසු මෙම පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටී.
ඔවුන් ගොතටුව හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.