Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රංශය සහ ග්‍රීසිය යන රටවල් දෙකෙහිම සෞඛ්‍යාරක්‍ෂක සේවකයින් සඳහා කොරෝනා වයිරස් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිරී යාම නිසාය.

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් රූපවාහිනි වැඩසටහනක දී ප්‍රකාශ කර සිටියේ ” වසංගතය නැවත ආරම්භ වීමේ අවධානමකට මුහුණ දෙමින්” සිටින බවයි.එන්නත් ලබාදීම මන්දගාමීව සිදු වුවහොත් මෙය වඩාත් දරුණු විය හැකි බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනපති මැක්‍රොන් ප්‍රකාශ කර සිටියේ එන්නත්කරණය සිදුකරන තරමට වෛරසය සංසරණය වීමට ඇති ඉඩ ප්‍රමාණය අඩු වන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වොරන් පැවසුවේ ලබන සැප්තැම්බර් මස 15 වන විට සියලුම සෞඛ්‍ය සේවකයින්ව එන්නත් ලබා දිය යුතු බවයි.ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයින් ප්‍රංශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගන්නා ලදී

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *