Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් නිවසේ නිරෝධානය වී සිටින තම බිරිඳ හා දරුවන් වෙත රාත්‍රි ආහාර රැගෙන ඒම සඳහා නගරයට ගොස් සිටි අතරවාරයේ බස් රථයකට යටවී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කිසියම් පිරිසකගේ පහරදීමකට ලක්ව මහ මග වැටී සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරට ලක් වූ පුද්ගලයාගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන් එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙක් නිවසේ නිරෝධානයට ලක්කර තිබුණා.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ බිරිඳ හා දරුවන් පවසන්නේ ඔහුට වැලිගම පොලිසිය විසින් පහර දී ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *