Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පිදෙල් කැස්ත්‍රෝ ගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ නිළ වශයෙන් දන්වා තිබෙනවා.

පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවයි දන්වා තිබෙන්නේ.

1959 සිට දශක 06ක පමණ කාලයක් කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය වෙනත් පාර්ශවයකට හිමි වීමට නියමිත වනවා.

ඒ අනුව දින 04ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්විමේදී ඡන්ද විමසීමක් මගින් නව නායකයා තෝරා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *