Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (18) දිනයේ ඇෆ්ඝනිස්ථානයේ ජලලාබාද් නගරයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තවත් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාබුල් නගරයට කිලෝ මීටර් 115ක් පමණ දුරින් පිහිටි මෙම ජලලාබාද් නගරයද පවතින්නේ තලේබාන් පාලනය යටතේයි.

ඔවුන් විසින් එරට ජාතික ධජය පහත දමා ඇෆ්ගන් – තලේබාන් ජාතික ධජය ඔසවා තිබුණා.

එක් රැස්වූ සිවිල් වැසියන් පිරිසක් විසින් එයට විරෝධය දක්වමින් තලේබාන් ධජය පහත හෙළීම නිසා තලේබාන් ත්‍රස්තයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ජලලාබාද් නගරය ඇෆ්ගන් නිදහස් දිනය සමරන ස්ථානය ලෙසද සලකනු ලබනවා.

එම නගරයේ ජනතාව විසින් දැඩි විරෝධතාවයක නිරතව සිටින ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *