Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් ඉන්ධන පෝලිමේ දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ (9) මියගොස් ඇතැයි ද ඔහු දින දෙකක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.

දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.

ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව සිය මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.