Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව – ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙනවිත් තිබූ කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනකු පළා ගොස් තිබෙනවා.

අද අලුයම ඔවුන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 22, 23, 26, 32 සහ 52 ක රැඳවියන් 05 දෙනෙකු වනවා.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කළා.

පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුධ හමුදාව එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පසුගිය මාස 03 ක කාලය තුළ මේ අයුරින් පළාගොස් ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13 ක් වන අතර ඉන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවටද අනාවරණ වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *