Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011ක් දක්වා ඉහළ යන බවය.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් ලෙස සඳහන් විය.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 101කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (ජූනි 10) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,738 දෙනෙකු හඳුනාගෙන තිබිණි.

ඒ අතරින්, 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 575කි.තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 198 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 216,134ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *