Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 42ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1608ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරු කළ මෙම මරණ අතරින් 3ක් අද සිදු වූ ඒවායි.

අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 11 වනදා සිට ඊයේ (02) දිනය දක්වායි.

අද (03) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වනවා.ඉන් පුද්ගලයන් 8 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මිය ගිය සංඛ්‍යාව 03ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 31 දෙනෙකු මරණයට පත්වී තිබෙනවා.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 195844ක් හමුවී ඇති අතර ඉන් 31839ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 162397ක්.

No photo description available.

May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *