Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා.

මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් අයෙක්.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

ඔහු එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *