Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද රාත්‍රී 8.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කොට තිබෙනවා.

ඒ අනුව පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීම සිදු කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර අද උදැසන දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉලුක්තැන්න වත්ත ප්‍රදේශයට සංචාරණ සීමා පනවනු ලැබුවා.

දැරණිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *