ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එමෙන්ම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
මේ අතර හෙට අළුයම 5 සිට වේල්ල වීදිය, කෙසෙල්ලවත්ත සහ මරදාන යන පොලිස් බල ප්රදේශයන්ගේ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කොට තිබෙනවා. 
තවද කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හෙට උදෑසන 5 සිට හුදෙකලා කරනු ලබයි.

