Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය, මාම්පේ නැගෙනහිර, මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර, ග්‍රාම නිලධාරී වසම් අද (08) අලුයම 5.00 සිට හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර හබරාදූව පොලිස් වසමේ කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, මාලියගෙඩ, පියදිගම බටහිර ග්‍රාම නිලධාරී වසම් ද අද (08) අලුයම 5.00 සිට හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ,කෙරනගපොකුන, ගල්උඩපිට, මත්තුමගල මෙලෙස හුදෙකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් වසම, විද්‍යාසේකර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර, මහවස්කඩුව උතුර, කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත යන ප්‍රදේශයන් ද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *