Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ ජාල මාධ්‍ය වල ද අදහස් පළ වෙමින් තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම, කැබිනට් තීරණ ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම යන චෝදනා මත මෙම ඉවත් කිරීම සිදුකරනු ඇතැයි ද සඳහන් වෙයි.

මේ පිලිබදව මාධ්‍යවේදින් විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර ඔවුන් එම වාර්තා ප්‍රතික්‍ශේප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඉවත් කරන ලද්දේ එම චෝදනා මුල් කොට ගෙනයි.

Leave a Reply

Your email address will not be published.