මහනුවර දිස්ත්රික්ක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
මොහු වෘත්තියෙන් උපකාරක පන්ති ගුරුවරයකු ලෙස මීට පෙර කටයුතු කළ අතර මෙවර මහ මැතිවරණය ජයග්රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහු මීට දින 03 කට පෙර (22) ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන වැඩසටහනටද සහභාගී වූයේය. ඊයේ දිනයේ ප්රසිද්ධ රැස්වීම් කිහිපයකට ද සහභාගී වී තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇත.



