Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රත්නපුර-කලවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදී අද (මැයි 30) උදෑසන සිදු වූ බස් රථ අනතුරක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 34 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇතැයි නිවිතිගල පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පුද්ගලයන් තිදෙනෙකුට පමණ බරපතළ තුවාල සිදුව ඇති බවත් අනෙක් සියලු දෙනා සුළු තුවාල ලැබූ පුද්ගලයන් බවත් ය. අනතුරට ලක්ව ඇත්තේ කලවාන තේ කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

තුවාලකරුවන් නිවිතිගල, වතුපිටිය රෝහලට සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *