Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගියා. එම මරණ 03 වනුයේ,

  1. හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 86ක කාන්තාවකි. කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු IDH රෝහලේදී, 2020 නොවැම්බර්‌ 22 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 වෛරසය නිසා ඇති චූ උග්‍ර ආසාදන තත්ත්වයකි.
  2. කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කිරීමෙන්‌ පසු කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලට ඇතුළත්‌ කර ඇත. එම රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2020 නොවැම්බර්‌ 23 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය නිසා ඇති වූ ලේ විෂවීමකි.
  3. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි. හෘදයාබාධයක්‌ හේතුවෙන්‌ කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කර ඇති අතර 2020 නොවැම්බර්‌ 23 චන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධ තත්ත්වය හා කොවිඩි ආසාදනයයි.

Featured Image – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *