Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බත්තරමුල්ල සිට කොට්ටාව දක්වා දිවෙන මාර්ගයේ පොල්වත්ත හංදියේදී අද (02) අලුයම සිදුවූ මාරාන්තික අනතුරක් හේතුවෙන් තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනකු මෙහිදී මියගොස් ඇති බව වාර්තා වනවා.

එම අනතුරෙන් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

තලවතුගොඩ දෙස සිට පන්නිපිටිය දෙසට පැමිණි මෝටර් රථයේ ගැටී ඇත්තේ පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු පැදි දෙකක් බවයි වාර්තා වන්නේ.

රාත්‍රී සාදයකට සහභාගී වී පැමිණෙමින් සිටි දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *