Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඔක්සි මීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 3000ක්.

ඉතා අධික මිල ගණන් යටතේ ඇතැම් ඖෂධ වෙළඳසැල් තුල ඔක්සිමීටර් අලෙවි කර තිබූ අතර ඇතැම් වෙළඳසැල්වල ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් අලෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබුණේ.

මේ හේතුවෙන් සිදුකළ සොයා බැලීම් සහ වැටලීම්වලින් අනතුරුව එම උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ ඉදිරියේ දී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බවයි.

2243-20_S

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *