Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (19) උදෑසන 11.30ට පමණ යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇත.

එම වෙඩි තැබීමෙන් එලෙස තුවාල ලබා ඇත්තේ 03 හැවිරිදි දරුවෙක් බවද වාර්තා වේ.

මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදීය.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

UPDATE

අදාළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *