Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැතිරයාමේ අවදානම නිසා අත්‍යවශ්‍ය කාරණාවකට හැර එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඉල්ලා සිටිනවා.

ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැර සෙසු ගමන්බිමන්වල නිරතවීම වළක්වන ලෙසයි.

මේ අතර ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා.

නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා

යේ (22) දිනයේ පාදුක්කෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු, පොල්ගස්ඕවිටින් ආසාදිතයින් 21 දෙනෙකු සහ කැස්බෑවෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් 672 දෙනෙකු ඊයේ මෙරටින් හමුවූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 192ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ද ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *