Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිත වෛද්‍යවරයෙකුට මෙලෙස කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.ප්‍රේමානාත් මහතා සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,

මේ වෙනකල් අපිට දැන් 14 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. අන්තිම කෙනා ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක් පොසිටිව් වෙලා තියෙනවා. එයා කලින් පොසිටිව් වුණ වෛද්‍යවරයාගේ ආශ්‍රිතයෙක්. එයාට දවස් 10කට පස්සේ දෙවැනි සාම්පලය ටෙස්ට් කරනකොට තමයි කොරෝනා පොසිටිව් කියලා දැනගත්තේ. එයාව අපි දැන් IDH රෝහලට යවලා තියෙන්නේ. ඒ වගේම ඊයේ පෙරේදා මළ ගෙදරක් තිබිලා තියෙනවා ත්‍රිකුණාමලය ටවුන් එකේ. ඒකට කොළඹින් ආපු කෙනෙක්ට කොවිඩ් – 19 පොසිටිව් වෙලා තියෙනවා. එයාගේ පීසීආර් එක කරලා තියෙන්නේ කොළඹින්. ඊට පස්සේ තමයි රිපෝට් එක පොසිටිව් වෙලා තියෙන්නේ. එයාව අපි දැන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවලා තියෙන්නේ. එයා සම්බන්ධයෙන් 20 දෙනෙක් විතර අපි නිරෝධායනයට යොමුකරලා තියෙන්නේ.“

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *