ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අභයපුර සහ දිනනගර් යන ප්‍රදේශ අද (24) දින සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මේ අතර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ ප්‍රදේශය අද උදෑසන 6.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.