Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් 5කට කොරෝනා ආසාධනය වී තිබෙනවා.

මෙලෙස කොවිඩ් රෝගය ආසාධනය වී ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ආසාදිත හෙදියන් පස් දෙනා අතරින් දෙදෙනකු කොවිඩ් 19 වැලැක්විම සදහා වැක්සීනයේ පලමු මාත්‍රාව ලබාගත් දෙදෙනකු සිටින බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

දැඩි සත්කාර ඒකකයේ රෝගින් හතර දෙනකු ප්‍රතිකාර ලබන අතර එම රෝගින්ට කොවිඩ් 19 ආසාදනය වි නොමැති බව කී වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැඩි සත්කාර ඒකකයට ඉදිරි දින14 තුල පිට ප්‍රදේශ වලින් රැගෙන එන රෝගින් ඇතුලත් කර ගැනිම නවතා මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද කීය.

දැඩි සත්කාර ඒකකයේ පුහුණු හෙදියන් 14 දෙනකු සිටින අතර ආසාදිත හෙදියන් පස්දෙනා හැරුණු විට දැනට නේවාසික රෝගින් ප්‍රතිකාර කිරිම අඛණ්ඩව සිදුකර ගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අතර දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගින් බැලිමට ලබාදුන් අවස්ථාවද තාවකාලිකව නවතා දැමු බව දකීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *