Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ වනතුරුත් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ද අප කළ විමසීමකදී කියා සිටියා.

මේ අතර, මිල ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීම් සම්බන්ධයෙන් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බවයි.

අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත කියා සිටියේ.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමාගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් මේ වනතුරු ඒ සඳහා අවසර දී නොමැති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *