Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පස්වන තරගයෙන් ලකුණු 66 ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

තරගයේ කාසිය වාසිය දිනූ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු හතක් පමණක් දැවී ලකුණු 218ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පළමු පන්දුවාර කිහිපය තුල පසුබෑමට ලක්ව තිබූ යාපනය කණ්ඩායමට නව ජීවයක් ගෙනෙමින් නායක තිසර පෙරේරා පන්දු 44කදී ලකුණු 97ක් රැස් කල අතර එයට 4 පහර 8ක් සහ 6 පහර 7ක් ඇතුලත්.

තිසර පෙරේරා විස්සයි විස්ස තරගයකදී ලබාගත් ඉහලම ලකුණු ප්‍රමාණය ලෙසිනුයි වාර්තා වන්නේ.

Image Source : SLC

චතුරංග ද සිල්වා පන්දු 24 කදී ලකුණු 29 ක් රැස් කලා. වනිදු හසරංග පන්දු 10ට ලකුණු 24ක් වාර්තා කල අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සමිත් පටෙල් ලකුණු 26ක් ලබාදෙමින් කඩුලු 2ක් ලබාගැනීමට සමත් වුණා.

අනෙක් කඩුලු හතර ළහිරු කුමාර, රමේශ් මෙන්ඩිස්, අන්වර් අලී සහ අෆ්ටබ් අලාම් අතර එක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ක්‍රීඩකයින් සියළුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි.

සමිත් පටෙල් පන්දු 22කදී ලකුණු 41ක්ද නායක දසුන් ශානක පන්දු 21 කදී ලකුණු 35ක්ද රැස් කල අතර අන්වර් අලී පන්දු 13කදී ලකුණු 21ක් රැස් කලා.

පන්දු යැවීමේදී යාපනය කණ්ඩාය⁣මේ උස්මේන් ශින්වරි ලකුණු 16ක් ප්‍රතිවාදී පිලට ලබා දෙමින් කඩුළු 3ක් ලබා ගත්තා.තිසර පෙරේරා සහ බිනර ප්‍රනාන්දු අතර කඩුළු දෙක බැගින් බෙදී ගිය අතර වනිදු හසරංග ලකුණු 24 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් උනා.

JAFFNA STALLIONS 218/7 (20 Ov, RR: 10.9)
තිසර පෙරේරා – පන්දු 44 කින් නොදැවී ලකුණු 97
චතුරංග ද සිල්වා – පන්දු 24 කින් ලකුණු 29
වනිඳු හසරංග – පන්දු 10 කින් ලකුණු 24
සමිත් පටෙල් 2/26
රමේෂ් මෙන්ඩිස් 1/25
DAMBULLA VIKINGS 152/10 (19.1 Ov, RR: 7.93)
සමිත් පටෙල් – පන්දු 22 කින් ලකුණු 41
දසුන් ශානක – පන්දු 21 කින් ලකුණු 35
අන්වර් අලී – පන්දු 13 කින් ලකුණු 21
උස්මාන් ශින්වාරි  3/16
තිසර පෙරේරා 2/23

තරගයේ වීරයා : තිසර පෙරේරා

පස්වන තරඟය : දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස්

ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

මේ අනුව ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුනා. පස්වන තරඟය අවසානයේ ලකුණු සටහන පහතින් ,

සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *